ප්‍රස්තාව පිරුළු

ප්‍රස්තාව පිරුළු වල ඇති විශේෂත්වය වන්නේ යම් දෙයක් ඍජුව නොකියා වක්‍රාකාරයෙන් පැවසීමට ඇති හැකියාවයි. එදා ගැමි ජනතාව යමක් නිවැරදිව, වඩා පැහැදිලිව පැවසීමට සහ තවත් අයෙකුට ඒත්තු ගැන්වීමට මේවා යොදා ගන්නා ලදි. ප්‍රස්තාව පිරුළු දහස් ගණනකින් අපේ ගැමි බස හොදින් පෝෂණය වී තිබුණි. නමුත් අද සමාජයේ මේවා භාවිතයට ගැනෙන්නේ ඉතා අල්ප වශයෙනි. බොහෝ දෙනා ප්‍රස්තාව පිරුළුත් එයින් කියවෙන අර්ථයවත් නොදන්නේය. සිංහල භාෂාවේ පවතින ප්‍රස්තාව පිරුළු සහ ඒවායේ අර්ථ මෙහි ඇතුලත් කොට ඇත. මෙහි නොමැති ඔබ දන්නා ප්‍රස්තාව පිරුළු ඇත්නම් අප සමග බෙදාගන්න.

Friday

  • කබලෙන් ළිපට වැටුණා වගෙයි.
    කරදර විඳිමින් සිටි කෙනෙකුට ඊට වඩා විශාල කරදරයක් සිදුවීම.

  • හතර බීරි කතාව වගෙයි.
    යම් කිසි සිදුවීමක් ගැන ඊට අදාළ අය කරන ප්‍රකාශන එකිනෙකට සම්බන්ධ නැතිවීම.

  • වංසේ කබල් ගෑවා වගෙයි.
    කිසිම හැකියාවක් නැති අයෙකු තමාගේ පරම්පරාවේ නම්බුව ගැන කතා කිරීම.

  • කැකිල්ලෙ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුව වගෙයි.
    වැරදි විනිශ්චය නිසා අහිංසකයකු දඬුවම් විඳීම.

  • උපාසක බළල්ලුත් මීයෝ අල්ලනවලු.
    යහපත් පුද්ගලයින් මෙන් පෙනී සිටින අය ද වැරදි කරන බව.

  • ලෙඩ කපුටො වැළ කනවා වගේ.
    ඕනෑවට එපාවට කාර්යයක් ඉටු කිරීම.

  • උඩ බලලා කෙළ ගැහැව්වා වගේ.
    තමන්ට ලජ්ජා, අපහාස සිදුවන අන්දමට තමාම වැඩ කිරීම.

  • වක්කඩ කැඩුවා වගේ.
    සීමාවකින් තොරව දෙඩවීම.

  • වැස්සට කරෝල වේලුවා වගෙයි.
    අවස්ථාවට නොගැළපෙන දෙයක් කිරීම.

  • මිරිස් කුඩු කෑව රිළවා වගේ.
    අනවශ්‍ය ලෙස දඟලන පුද්ගලයෙකු කිසි දෙයකින් නොසැලෙන බව.