ප්‍රස්තාව පිරුළු

ප්‍රස්තාව පිරුළු වල ඇති විශේෂත්වය වන්නේ යම් දෙයක් ඍජුව නොකියා වක්‍රාකාරයෙන් පැවසීමට ඇති හැකියාවයි. එදා ගැමි ජනතාව යමක් නිවැරදිව, වඩා පැහැදිලිව පැවසීමට සහ තවත් අයෙකුට ඒත්තු ගැන්වීමට මේවා යොදා ගන්නා ලදි. ප්‍රස්තාව පිරුළු දහස් ගණනකින් අපේ ගැමි බස හොදින් පෝෂණය වී තිබුණි. නමුත් අද සමාජයේ මේවා භාවිතයට ගැනෙන්නේ ඉතා අල්ප වශයෙනි. බොහෝ දෙනා ප්‍රස්තාව පිරුළුත් එයින් කියවෙන අර්ථයවත් නොදන්නේය. සිංහල භාෂාවේ පවතින ප්‍රස්තාව පිරුළු සහ ඒවායේ අර්ථ මෙහි ඇතුලත් කොට ඇත. මෙහි නොමැති ඔබ දන්නා ප්‍රස්තාව පිරුළු ඇත්නම් අප සමග බෙදාගන්න.

Tuesday

  • අකලට පල ගත් ගෙඩිය වගේ 
         යමක් නොකල්හි හෝ දුර්ලභ අවස්ථාවක හෝ සිදුවීම අරබයා යෙදෙන කියමනකි.

  • අග පැලිච්ච බටලීය වගේ
         අග පැලුණු බටලීයෙන් නැගෙන්නේ අමිහිරි ශබ්දයකි. පමණට වඩා දොඩවන්නකු                         හෝ වාචාලකම ඇත්තකු හෝ හැදින්වීමට යෙදේ.

  • අඟේ ඉදන් කන කනවා වගෙයි
        පසුව ආ දෙය අගේ කොට මුලින් ආ දෙයට හානි කිරීම අඟවන්නකි.

  • අඟුලේ රඟ දැනෙන්නේ පැද්ද කල්හී ගඟේයා 
        යමක් පිළිබඳ නිසි අවබෝධය ලබා ගත හැක්කේ එය ක්‍රියාත්මක කිරීමෙනි.

  • අටුව කඩලා පුටුව හැදුවා වගෙයි 
         එක් වැදගත් දෙයක් තනා ගැනීමට තවත් එවැනිම වටිනා දෙයක් නැති         කර ගැනීම.

  • අට්ටික්කා ගහේ මල් පිපුණා වගෙයි 
         සිදුවිය නොහැකි දෙයක් ගැන කියවෙන්නෙකි.

  • අඬුව තියෙද්දී අත පුච්චා ගත්තා වගෙයි
        යමක් කිරීමට නිසි මඟක් තියෙද්දී අනවශ්‍ය ලෙස ක්‍රියා කොට විපත් පමුණුවා ගැනීම                         අඟවන්නකි.