ප්‍රස්තාව පිරුළු

ප්‍රස්තාව පිරුළු වල ඇති විශේෂත්වය වන්නේ යම් දෙයක් ඍජුව නොකියා වක්‍රාකාරයෙන් පැවසීමට ඇති හැකියාවයි. එදා ගැමි ජනතාව යමක් නිවැරදිව, වඩා පැහැදිලිව පැවසීමට සහ තවත් අයෙකුට ඒත්තු ගැන්වීමට මේවා යොදා ගන්නා ලදි. ප්‍රස්තාව පිරුළු දහස් ගණනකින් අපේ ගැමි බස හොදින් පෝෂණය වී තිබුණි. නමුත් අද සමාජයේ මේවා භාවිතයට ගැනෙන්නේ ඉතා අල්ප වශයෙනි. බොහෝ දෙනා ප්‍රස්තාව පිරුළුත් එයින් කියවෙන අර්ථයවත් නොදන්නේය. සිංහල භාෂාවේ පවතින ප්‍රස්තාව පිරුළු සහ ඒවායේ අර්ථ මෙහි ඇතුලත් කොට ඇත. මෙහි නොමැති ඔබ දන්නා ප්‍රස්තාව පිරුළු ඇත්නම් අප සමග බෙදාගන්න.

" ම, ය, ර, ල "

  • මිටි කිරි ඉවතලා දියකිරි ගත්තා වගෙයි.
    යහපත් දේ ඉවතලා අයහපත් දේ පිළිගැනීම./ අවශ්‍ය දෙය නොගෙන අනවශ්‍ය දේ ගැනීම.

  • මිටි තැනින් වතුර බහිනවා වගෙයි.
    කිසියම් වරදක් සිදුවූ විට එය අහිංසකයන්  පැවරීම.

  • මිරිස් කුඩු කෑව රිළවා වගේ.
    අනවශ්‍ය ලෙස දඟලන පුද්ගලයෙකු කිසි දෙයකින් නොසැලෙන බව.

  • මඟුල් ගෙදර ගිහින් කැවුම් නොකා ආවා වගෙයි.
    අවශ්‍යයෙන්ම ලැබිය යුතු දෙයක් නොලැබීම.



  • යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද?
    අවශ්‍ය විටෙක ප්‍රයෝජනයට ගැනීමට නැති දේ, අනවශ්‍ය විටෙකද ප්‍රයෝජනයක් නැති බව.


  • රජ ගෙදර පරෙවියා වගෙයි.
    සැප සම්පත් වලින් අඩුවක් නොමැතිව සතුටින් සිටීම.

  • රයිගමයයි ගම්පලයයි වගේ.
    එක වගේ කපටියන් දෙදෙනෙකු බව.



  • ලැජ්ජා නැතිකම මහ මුදලිකමටත් වඩා ලොකුයි කිවුවා වගෙයි.
    යම් අයකු තමාගේ තරාතිරමට නොගැළපෙන ඉතා පහත් වැඩ කිරීම.

  • ලෙඩ කපුටා වැල ගිලිනවා වගෙයි.
    කිසිවෙක් තමාට පැවරුණු කාර්යය ඕනෑවට එපාවට කිරීම.

No comments:

Post a Comment