- අකලට පල ගත් ගෙඩිය වගේ
- අග පැලිච්ච බටලීය වගේ
අග පැලුණු බටලීයෙන් නැගෙන්නේ අමිහිරි ශබ්දයකි. පමණට වඩා දොඩවන්නකු හෝ වාචාලකම ඇත්තකු හෝ හැදින්වීමට යෙදේ.
- අඟේ ඉදන් කන කනවා වගෙයි
පසුව ආ දෙය අගේ කොට මුලින් ආ දෙයට හානි කිරීම අඟවන්නකි.
- අඟුලේ රඟ දැනෙන්නේ පැද්ද කල්හී ගඟේයා
යමක් පිළිබඳ නිසි අවබෝධය ලබා ගත හැක්කේ එය ක්‍රියාත්මක කිරීමෙනි.
- අටුව කඩලා පුටුව හැදුවා වගෙයි
- අට්ටික්කා ගහේ මල් පිපුණා වගෙයි
සිදුවිය නොහැකි දෙයක් ගැන කියවෙන්නෙකි.
- අඬුව තියෙද්දී අත පුච්චා ගත්තා වගෙයි
යමක් කිරීමට නිසි මඟක් තියෙද්දී අනවශ්‍ය ලෙස ක්‍රියා කොට විපත් පමුණුවා ගැනීම අඟවන්නකි.
No comments:
Post a Comment