ප්‍රස්තාව පිරුළු
ප්‍රස්තාව පිරුළු වල ඇති විශේෂත්වය වන්නේ යම් දෙයක් ඍජුව නොකියා වක්‍රාකාරයෙන් පැවසීමට ඇති හැකියාවයි. එදා ගැමි ජනතාව යමක් නිවැරදිව, වඩා පැහැදිලිව පැවසීමට සහ තවත් අයෙකුට ඒත්තු ගැන්වීමට මේවා යොදා ගන්නා ලදි. ප්‍රස්තාව පිරුළු දහස් ගණනකින් අපේ ගැමි බස හොදින් පෝෂණය වී තිබුණි. නමුත් අද සමාජයේ මේවා භාවිතයට ගැනෙන්නේ ඉතා අල්ප වශයෙනි. බොහෝ දෙනා ප්‍රස්තාව පිරුළුත් එයින් කියවෙන අර්ථයවත් නොදන්නේය. සිංහල භාෂාවේ පවතින ප්‍රස්තාව පිරුළු සහ ඒවායේ අර්ථ මෙහි ඇතුලත් කොට ඇත. මෙහි නොමැති ඔබ දන්නා ප්‍රස්තාව පිරුළු ඇත්නම් අප සමග බෙදාගන්න.
- අශ්වයා පැන ගියාට පසු ඉස්තාලය වැහුවා වගෙයි.
විපත සිදුවූ පසු ආරක්ෂාව තර කිරීම. / ආරක්ෂා කළ යුතු වටිනා දේ නැති වූ පසුව ආරක්ෂාව පිළිබඳ උනන්දු වීම.
- අලියා ගිල්ල දිවුල වගෙයි.
පිටතින් හොඳ බව පෙනුණත් ඇතුළත හිස්ය.
- අලි යන කපොලු තිබියදී කූඹි යන හිල් වහනවා වගෙයි. / අලි යන කපොලු තිබියදී කූඹි යන තව් වහනවා වගෙයි.
විශාල වැරදි තිබියදී සුළු වැරදි වැසීමට උත්සාහ කිරීම. / වැරදි කරන ලොකු පුද්ගලයන් සිටියදී සුළු වැරදි කරන පුද්ගලයන් ගැන කතා කිරීම.
- අහසේ තරු ගණිනවා වගෙයි.
කළ නොහැකි දෙයක් කිරීමට වෙර දැරීම.
- අඟේ ඉඳන් කන කනවා වගෙයි.
පසුව ආ දෙය අගේ කොට මුලින් ආ දෙයට හානි කිරීම. / ඉතාම විශ්වාසවන්ත ලෙස ළඟින්ම සිට හතුරුකම් කිරීම. / කෙනෙකුගෙන් උදවු ලබමින් ඔහුට විපත් සිදුකිරීම.
No comments:
Post a Comment