- සල්ලි දෙයියන්ගෙ මල්ලිලු.
මුදල්වලට ඕනෑම දෙයක් කල හැකි බව. (මුදල් දෙවියන් සේ බලවත් බව)
- සාත්තුව සින්න වුණා වගේ.
යමෙකුට උදව්වක් කල පසු, එය යුතුකමක් සේ සලකා නැවත නැවත කරවා ගන්නට බල කරන විට පැවසේ.
- සාස්තරේ විතරක් මදි සූස්තරෙත් ඕනලු.
ශිල්ප පමණක් නොව එය නිවැරදිව භාවිතා කිරීමට හැකියාවත් අවශ්‍ය වන බව.
- සිත ඇත්නම් පත කුඩාද?
සිතුවොත් කරන්න බැරි දෙයක් නැහැ.
- සුප් එකට කෝකි වැඩිවුණා වගේ.
දන්නා පිරිස වැඩිවූ විට කරන කාර්යය නිසි ලෙස කරගැනීමට නොහැකි වේ.
- සෙක්කුවේ බැන්ද හරකා වගේ.
විවේකයක් නොගෙන එකදිගටම වැඩ කිරීම./ එකම රටාවකට ජිවත්වන පුද්ගලයා.
No comments:
Post a Comment