ප්‍රස්තාව පිරුළු

ප්‍රස්තාව පිරුළු වල ඇති විශේෂත්වය වන්නේ යම් දෙයක් ඍජුව නොකියා වක්‍රාකාරයෙන් පැවසීමට ඇති හැකියාවයි. එදා ගැමි ජනතාව යමක් නිවැරදිව, වඩා පැහැදිලිව පැවසීමට සහ තවත් අයෙකුට ඒත්තු ගැන්වීමට මේවා යොදා ගන්නා ලදි. ප්‍රස්තාව පිරුළු දහස් ගණනකින් අපේ ගැමි බස හොදින් පෝෂණය වී තිබුණි. නමුත් අද සමාජයේ මේවා භාවිතයට ගැනෙන්නේ ඉතා අල්ප වශයෙනි. බොහෝ දෙනා ප්‍රස්තාව පිරුළුත් එයින් කියවෙන අර්ථයවත් නොදන්නේය. සිංහල භාෂාවේ පවතින ප්‍රස්තාව පිරුළු සහ ඒවායේ අර්ථ මෙහි ඇතුලත් කොට ඇත. මෙහි නොමැති ඔබ දන්නා ප්‍රස්තාව පිරුළු ඇත්නම් අප සමග බෙදාගන්න.

Friday

ජාඩියට මූඩිය වගෙයි.

හරියමට ගැලපෙන බව / හොදින්ම ගැලපෙන බව.

ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි.
පුරුද්දට ගිය ගති ගුණ අත් හැරිය නොහැකිය.


ජරමර අස්සේ බර කරත්ත.
කරදර පිට කරදර ඇතිවීම.

ගොරවන තරමට වහින්නේ නැතිලු
කතාව තරමට ක්‍රියාව නොමැති වීම.

ගොළුව සින්දු කීව වගේ.
තේරුම් ගත නොහැකි දෙයක්.

ගොම රිටි යට යනව - තිරුවාන මතු වෙනවා.
සිදු නොවිය යුතු යැයි සිතන දෑ සිදුවීම.

ලිප් බොක්කේ ලැග්ග බළලා වගේ.
අලසව කැත කුණු ගාගෙන සිටින පුද්ගලයෙකුට පැවසේ.

ලුණු නැති හොද්ද වගේ.
නීරස දෙයක්.

ලූලා නැති වලට කනයා පණ්ඩිතයා
නායකයෙක් නැති වූ විට නායකත්වයට නුසුදුසු පුද්ගලයෙකු නායකයකු බවට පත් වීම.



1 comment: