- නම කපුරුහාමි වුණාට කටේ ගඳ හත් ගව්වකට දැනෙනවාලු.
නමින් නොව ක්‍රියාවෙන් මිනිසකු පිළිබඳව තීරණය කළ යුතු බව. - නයා ගුරුලගෙන් සැප සනීප ඇහැව්වලු.
ප්‍රබලයන් සමඟ සිටින දුර්වල පුද්ගලයන් ප්‍රබලයන් ඇසුරෙන් ඔද වැඩී ඒ බලය පෙන්වීම. - නයාට අඳු කොළ වගේ.
දැකීමට කිසිම කැමැත්තක් නොතිබීම. - නාහෙට උඩින් අඟලක් ගියත් එකයි, අඩියක් ගියත් එකයි.
සීමාව ඉක්මවා කරදර තියෙද්දී තව කරදර එක්වුණාට වෙනසක් දැනෙන්නේ නැහැ. - නිදන් ඉන්න කොටි අවුස්සනවා.
නැති කරදර සොයා යනවා.
In this blog you can find Sinhala ''Prastha Pirulu" (sinhala proverbs) and their meaning. They are use in sinhala language to say something correctly and clearly. And say something indirectly. There are more than thousands of proverbs in sinhala language.
ප්‍රස්තාව පිරුළු
ප්‍රස්තාව පිරුළු වල ඇති විශේෂත්වය වන්නේ යම් දෙයක් ඍජුව නොකියා වක්‍රාකාරයෙන් පැවසීමට ඇති හැකියාවයි. එදා ගැමි ජනතාව යමක් නිවැරදිව, වඩා පැහැදිලිව පැවසීමට සහ තවත් අයෙකුට ඒත්තු ගැන්වීමට මේවා යොදා ගන්නා ලදි. ප්‍රස්තාව පිරුළු දහස් ගණනකින් අපේ ගැමි බස හොදින් පෝෂණය වී තිබුණි. නමුත් අද සමාජයේ මේවා භාවිතයට ගැනෙන්නේ ඉතා අල්ප වශයෙනි. බොහෝ දෙනා ප්‍රස්තාව පිරුළුත් එයින් කියවෙන අර්ථයවත් නොදන්නේය. සිංහල භාෂාවේ පවතින ප්‍රස්තාව පිරුළු සහ ඒවායේ අර්ථ මෙහි ඇතුලත් කොට ඇත. මෙහි නොමැති ඔබ දන්නා ප්‍රස්තාව පිරුළු ඇත්නම් අප සමග බෙදාගන්න.
Free Download සිංහල ජන කවි android app, click the below link.
Friday
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment