ප්‍රස්තාව පිරුළු

ප්‍රස්තාව පිරුළු වල ඇති විශේෂත්වය වන්නේ යම් දෙයක් ඍජුව නොකියා වක්‍රාකාරයෙන් පැවසීමට ඇති හැකියාවයි. එදා ගැමි ජනතාව යමක් නිවැරදිව, වඩා පැහැදිලිව පැවසීමට සහ තවත් අයෙකුට ඒත්තු ගැන්වීමට මේවා යොදා ගන්නා ලදි. ප්‍රස්තාව පිරුළු දහස් ගණනකින් අපේ ගැමි බස හොදින් පෝෂණය වී තිබුණි. නමුත් අද සමාජයේ මේවා භාවිතයට ගැනෙන්නේ ඉතා අල්ප වශයෙනි. බොහෝ දෙනා ප්‍රස්තාව පිරුළුත් එයින් කියවෙන අර්ථයවත් නොදන්නේය. සිංහල භාෂාවේ පවතින ප්‍රස්තාව පිරුළු සහ ඒවායේ අර්ථ මෙහි ඇතුලත් කොට ඇත. මෙහි නොමැති ඔබ දන්නා ප්‍රස්තාව පිරුළු ඇත්නම් අප සමග බෙදාගන්න.

Sunday

  • කපුරාළට දුම්මල වරම දුන්න වගේ.
    කෝප වූ අයෙක්ව තවත් කෝප කිරීම.

  • කරන වැඩකුත් නෑ හෙමින් ගමනකුත් නෑ.
    මොකුත් නොකලත් බොහෝ දේ කරන්නා සේ සිටින්නන් ගැන පවසයි.

  • කටුස්සො කාපු බැළලි වගේ.
    තමුන් විසින්ම අමාරුවට පත්වීම.

  • කුඩු මිරිස් කෑ රිලවා වගේ.
    අනවශ්‍ය ලෙස දඟලන පුද්ගලයන් ගැන පවසයි.

  • කණා  කිරි කෑවා වගේ.
    නොතේරෙන පුද්ගලයෙකුට උදාහරණ දීම.
    (කණා කිරි මොන පාටදැයි අසන විට කෙනෙකු එය සුදු පාට යැයි කියයි. සුදු මොනවගේ ද අසන විට කොකෙක් වගේ යැයි කියයි. කොකා මොන වගේදැයි අසන විට මේ වගේ යැයි අත නමා හැඩය පෙන්වයි. අත අල්ලා බලන කණා එය කෑවොත් කට කැඩෙයි පවසා කිරි නොකා සිටියි.)


  • කොකාගේ සුද පෙන්නේ ඉගිලෙන කොටලු.
    හොඳ මිනිසුන් ලෙස පෙනී සිටින අයගේ සැබෑ ගතිගුණ හෙළි වූ විට පවසයි.

  • කොට්ටෝරුවා කෙහෙල් ගහට කෙටුවා වගේ.
    චණ්ඩිකම් කරන පුද්ගලයකු බලවත් පුද්ගලයකු හමුවේ පරාජය වීම.

  • කේජු බෙදන්න වඳුරට දුන්නා වගේ.
    කපටි මිනිසෙකුට අසුවීම සම්බන්ධයෙන් කියයි.

  • කොකාට වාරයක් නම් තිත්තයටත් වාරයක් තියෙනවලු.
    සෑම  කෙනෙකුටම අවස්ථාවක් ලැබෙන බව.


No comments:

Post a Comment