- කිරි කළයට ගොම මුසු කළා වගෙයි.
යහපත් වැඩ රාශියක් කර අවසානයේ අයහපත් වැඩක් කිරීම. - ගුරුන්ටත් අකුරු වරදිනවා වගෙයි.
යමක් හොඳින් දන්නා අය අතිනුත් වැරදි සිදුවන බව. - මිටි තැනින් වතුර බහිනවා වගෙයි.
කිසියම් වරදක් සිදුවූ විට එය අහිංසකයන් පැවරීම. - වඳින්න ගිය දේවාලය හිසේ කඩන් වැටුණා වගෙයි.
යහපත් වැඩක් / උදව්වක් කරන්නට ගොස් එයින් තමන්ට නැති කරදර සිදුවීම. - එළිපත්ත උඩ සිටින බළලා වගෙයි.
ස්ථිර තීරණයක් නොගෙන් සිටීම. - ලැජ්ජා නැතිකම මහ මුදලිකමටත් වඩා ලොකුයි කිවුවා වගෙයි.
යම් අයකු තමාගේ තරාතිරමට නොගැළපෙන ඉතා පහත් වැඩ කිරීම. - නිවට ඇම්බැට්ටයා දුටුවාම එළුවත් රැවුල පෑවා වගෙයි./නිවටයාට එළුවත් රැවුළ පානවලු.
අහිංසකයන්ට සෑම කෙනෙකුගෙන්ම කරදර සිදුවන බව.
In this blog you can find Sinhala ''Prastha Pirulu" (sinhala proverbs) and their meaning. They are use in sinhala language to say something correctly and clearly. And say something indirectly. There are more than thousands of proverbs in sinhala language.
ප්‍රස්තාව පිරුළු
ප්‍රස්තාව පිරුළු වල ඇති විශේෂත්වය වන්නේ යම් දෙයක් ඍජුව නොකියා වක්‍රාකාරයෙන් පැවසීමට ඇති හැකියාවයි. එදා ගැමි ජනතාව යමක් නිවැරදිව, වඩා පැහැදිලිව පැවසීමට සහ තවත් අයෙකුට ඒත්තු ගැන්වීමට මේවා යොදා ගන්නා ලදි. ප්‍රස්තාව පිරුළු දහස් ගණනකින් අපේ ගැමි බස හොදින් පෝෂණය වී තිබුණි. නමුත් අද සමාජයේ මේවා භාවිතයට ගැනෙන්නේ ඉතා අල්ප වශයෙනි. බොහෝ දෙනා ප්‍රස්තාව පිරුළුත් එයින් කියවෙන අර්ථයවත් නොදන්නේය. සිංහල භාෂාවේ පවතින ප්‍රස්තාව පිරුළු සහ ඒවායේ අර්ථ මෙහි ඇතුලත් කොට ඇත. මෙහි නොමැති ඔබ දන්නා ප්‍රස්තාව පිරුළු ඇත්නම් අප සමග බෙදාගන්න.
Free Download සිංහල ජන කවි android app, click the below link.
Sunday
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment