- කුඩම්මා ඇවිත් කැවුම් පුංචි කළා වගෙයි. / පුංචි අම්මා ඇවිත් කැවුම් පුංචි කළා වගෙයි.
විශාල බලාපොරොත්තුවක් තැබූ කෙනෙකුගෙන් ඒ බලාපොරොත්තුව ඉටු නොවීම.
ප්‍රසන්න පුද්ගලයකුගෙන් අප්‍රසන්න ක්‍රියාවක් සිදුවීම. - පැණි වරකා ගහටත් හෙණ වදිනවලු.
බලසම්පන්න අයට වුවත් දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවන බව. - ගඟට ඉනි කැපුවා වගෙයි.
මහන්සිවී කරන වැඩ වලින් අවසානයේ කිසිම ප්‍රයෝජනයක් නොලැබීම හෝ ප්‍රයෝජනයක් ලැබිය නොහැකි ලෙස මෝඩ ක්‍රියාවක් කිරීම. - කුස රජ්ජුරුවොත් මසුන් කද ඇද්දලු.
උතුමන්ට පවා පහත් වැඩ කිරීමට සිදුවේ. - හිල් කූඩෙන් වතුර අදිනවා වගෙයි.
ප්‍රයෝජනයක් නොමැති දෙයකට මහන්සිවීම. - ලෙඩ කපුටා වැල ගිලිනවා වගෙයි.
කිසිවෙක් තමාට පැවරුණු කාර්යය ඕනෑවට එපාවට කිරීම. - වක්කඩ කැඩුවා වගේ.
පාලනයකින් තොරව වාචාල ලෙස කතා කිරීම.
In this blog you can find Sinhala ''Prastha Pirulu" (sinhala proverbs) and their meaning. They are use in sinhala language to say something correctly and clearly. And say something indirectly. There are more than thousands of proverbs in sinhala language.
ප්‍රස්තාව පිරුළු
ප්‍රස්තාව පිරුළු වල ඇති විශේෂත්වය වන්නේ යම් දෙයක් ඍජුව නොකියා වක්‍රාකාරයෙන් පැවසීමට ඇති හැකියාවයි. එදා ගැමි ජනතාව යමක් නිවැරදිව, වඩා පැහැදිලිව පැවසීමට සහ තවත් අයෙකුට ඒත්තු ගැන්වීමට මේවා යොදා ගන්නා ලදි. ප්‍රස්තාව පිරුළු දහස් ගණනකින් අපේ ගැමි බස හොදින් පෝෂණය වී තිබුණි. නමුත් අද සමාජයේ මේවා භාවිතයට ගැනෙන්නේ ඉතා අල්ප වශයෙනි. බොහෝ දෙනා ප්‍රස්තාව පිරුළුත් එයින් කියවෙන අර්ථයවත් නොදන්නේය. සිංහල භාෂාවේ පවතින ප්‍රස්තාව පිරුළු සහ ඒවායේ අර්ථ මෙහි ඇතුලත් කොට ඇත. මෙහි නොමැති ඔබ දන්නා ප්‍රස්තාව පිරුළු ඇත්නම් අප සමග බෙදාගන්න.
Free Download සිංහල ජන කවි android app, click the below link.
Monday
Subscribe to:
Post Comments (Atom)
thank u so much
ReplyDeleteOyage app thiyenawada
ReplyDelete