- ගිරයට හසුවූ පුවක් ගෙඩිය වගෙයි.
දෙපැත්තකින් තැළෙන ගැළවෙන්නට අපහසු කරදරයකට පත්වීම. - උරුලෑව ගිය පාර වගෙයි.
ගිය ගිය තැන අප්‍රසන්න හැසිරීම් රටාවලින් යුක්තවීම. - කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා වගෙයි.
ඉතාමත් කලාතුරකින් සිදුවිය හැකි දෙයක් වීම. - කන්ද පහුවුණාම හැරමිටිය විසිකරනවා වගෙයි.
තමන්ගේ කාර්යය කරගත් පසු ඒ සඳහා උපකාර කළ අය නොසලකා හැරීම. - කපන්න බැරි අත සිඹිනවා වගෙයි. / කපන්ට බැරි අත ඉඹිනවලු.
විරුද්ධවාදියගෙන් පළිගැනීමට නොහැකි විට ඔහු පිළිබඳව මිත්‍ර ලීලාවෙන් කතා කිරීම. - ඔරුව පෙරළෙද්දී තම්බි දුම් කුඩු ඉරුවා වගෙයි.
විපතේදී වුවද පුරුද්ද අත්හැරිය නොහැක.
In this blog you can find Sinhala ''Prastha Pirulu" (sinhala proverbs) and their meaning. They are use in sinhala language to say something correctly and clearly. And say something indirectly. There are more than thousands of proverbs in sinhala language.
ප්‍රස්තාව පිරුළු
ප්‍රස්තාව පිරුළු වල ඇති විශේෂත්වය වන්නේ යම් දෙයක් ඍජුව නොකියා වක්‍රාකාරයෙන් පැවසීමට ඇති හැකියාවයි. එදා ගැමි ජනතාව යමක් නිවැරදිව, වඩා පැහැදිලිව පැවසීමට සහ තවත් අයෙකුට ඒත්තු ගැන්වීමට මේවා යොදා ගන්නා ලදි. ප්‍රස්තාව පිරුළු දහස් ගණනකින් අපේ ගැමි බස හොදින් පෝෂණය වී තිබුණි. නමුත් අද සමාජයේ මේවා භාවිතයට ගැනෙන්නේ ඉතා අල්ප වශයෙනි. බොහෝ දෙනා ප්‍රස්තාව පිරුළුත් එයින් කියවෙන අර්ථයවත් නොදන්නේය. සිංහල භාෂාවේ පවතින ප්‍රස්තාව පිරුළු සහ ඒවායේ අර්ථ මෙහි ඇතුලත් කොට ඇත. මෙහි නොමැති ඔබ දන්නා ප්‍රස්තාව පිරුළු ඇත්නම් අප සමග බෙදාගන්න.
Free Download සිංහල ජන කවි android app, click the below link.
Monday
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment