- ගෙම්බා බඩ පිම්බුවා වගෙයි.
පුහු ආඩම්බරය නිසා විනාශයට පත්වීම. - ඇමක් දී මාළුවකු අල්ලා ගන්නවා වගෙයි.
සුළු දෙයක් දී ලොකු අය රවටා ගැනීම. - කම්මලේ ඉන්න බල්ලා වගෙයි.
යමකට පුරුදු වූ විට එහි අපහසුතාවක් නොදැනීම. - මඟුල් ගෙදර ගිහින් කැවුම් නොකා ආවා වගෙයි.
අවශ්‍යයෙන්ම ලැබිය යුතු දෙයක් නොලැබීම. - ඔරුව පෙරළෙද්දී තම්බි දුම් කුඩු ඉරුවා වගෙයි.
විපතේදී වුවද පුරුද්ද අත්හැරිය නොහැක. - වඩුවගේ ගෙදර පුටුවක් නැතුවා වගෙයි.
තමන්ට කරගත හැකි දේ තමා කර නොගෙන අනුන්ට කර දීම.
In this blog you can find Sinhala ''Prastha Pirulu" (sinhala proverbs) and their meaning. They are use in sinhala language to say something correctly and clearly. And say something indirectly. There are more than thousands of proverbs in sinhala language.
ප්‍රස්තාව පිරුළු
ප්‍රස්තාව පිරුළු වල ඇති විශේෂත්වය වන්නේ යම් දෙයක් ඍජුව නොකියා වක්‍රාකාරයෙන් පැවසීමට ඇති හැකියාවයි. එදා ගැමි ජනතාව යමක් නිවැරදිව, වඩා පැහැදිලිව පැවසීමට සහ තවත් අයෙකුට ඒත්තු ගැන්වීමට මේවා යොදා ගන්නා ලදි. ප්‍රස්තාව පිරුළු දහස් ගණනකින් අපේ ගැමි බස හොදින් පෝෂණය වී තිබුණි. නමුත් අද සමාජයේ මේවා භාවිතයට ගැනෙන්නේ ඉතා අල්ප වශයෙනි. බොහෝ දෙනා ප්‍රස්තාව පිරුළුත් එයින් කියවෙන අර්ථයවත් නොදන්නේය. සිංහල භාෂාවේ පවතින ප්‍රස්තාව පිරුළු සහ ඒවායේ අර්ථ මෙහි ඇතුලත් කොට ඇත. මෙහි නොමැති ඔබ දන්නා ප්‍රස්තාව පිරුළු ඇත්නම් අප සමග බෙදාගන්න.
Free Download සිංහල ජන කවි android app, click the below link.
Saturday
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment