- අනුන්ට කැපූ වළේ තමන්ම වැටීම.
අනෙකෙකු විපතට පත් කිරීම සඳහා තමන් අටවන ලද උගුලකට තමන්ම හසුවී කරදරයට පත්වීම. - අපි කන හැටි ලිපා දනී.
තමන් අගහිඟකම්වලින් පෙළෙන බව දැක්වීම. - අවි ගත්තෝ අවියෙන්ම නසිති.
දරුණු ක්‍රියාවල යෙදුණු අය එයින්ම වැනසෙන බව. - ආරේ ගුණ නෑරේ.
ජන්මයෙන් එන පුරුද්ද අත් නොහැරිය හැකි බව. - ඇම ගිල්ල මාළුවා වගෙයි.
ගැලවිය නොහැකි ලෙස ප්‍රශ්නයකට කොටු වී සිටීම. - ඇවිළෙන ගින්නට පිදුරු දැමීම.
ආරවුල් හෝ අවුලක් ඇති තැනකට තවත් ආරවුල් ඇති කිරීමට කටයුතු කිරීම. - අටුව කඩා පුටුව හැදුවා වගේ.
වටිනා දෙයක් විනාශ කර නොවටිනා දෙයක් කිරීම.
In this blog you can find Sinhala ''Prastha Pirulu" (sinhala proverbs) and their meaning. They are use in sinhala language to say something correctly and clearly. And say something indirectly. There are more than thousands of proverbs in sinhala language.
ප්‍රස්තාව පිරුළු
ප්‍රස්තාව පිරුළු වල ඇති විශේෂත්වය වන්නේ යම් දෙයක් ඍජුව නොකියා වක්‍රාකාරයෙන් පැවසීමට ඇති හැකියාවයි. එදා ගැමි ජනතාව යමක් නිවැරදිව, වඩා පැහැදිලිව පැවසීමට සහ තවත් අයෙකුට ඒත්තු ගැන්වීමට මේවා යොදා ගන්නා ලදි. ප්‍රස්තාව පිරුළු දහස් ගණනකින් අපේ ගැමි බස හොදින් පෝෂණය වී තිබුණි. නමුත් අද සමාජයේ මේවා භාවිතයට ගැනෙන්නේ ඉතා අල්ප වශයෙනි. බොහෝ දෙනා ප්‍රස්තාව පිරුළුත් එයින් කියවෙන අර්ථයවත් නොදන්නේය. සිංහල භාෂාවේ පවතින ප්‍රස්තාව පිරුළු සහ ඒවායේ අර්ථ මෙහි ඇතුලත් කොට ඇත. මෙහි නොමැති ඔබ දන්නා ප්‍රස්තාව පිරුළු ඇත්නම් අප සමග බෙදාගන්න.
Free Download සිංහල ජන කවි android app, click the below link.
Thursday
Subscribe to:
Post Comments (Atom)
Woowwww
ReplyDeleteYeah
DeleteWoow so nice ❤️❤️❤️❤️❤️
ReplyDeleteI am realy realy need this
ReplyDeleteMaru
ReplyDelete👍
ReplyDeleteWoooooooooow🙏🙏🙏🙏🙏🙏🙏💞💞💞💛🧡💜️🖤🍕🍕🥧🥧🍰🍰🍰🍰🍰💌💌💌
ReplyDeleteWow! 😮😮
ReplyDelete🖕
ReplyDeleteFantastic
ReplyDelete