ප්‍රස්තාව පිරුළු

ප්‍රස්තාව පිරුළු වල ඇති විශේෂත්වය වන්නේ යම් දෙයක් ඍජුව නොකියා වක්‍රාකාරයෙන් පැවසීමට ඇති හැකියාවයි. එදා ගැමි ජනතාව යමක් නිවැරදිව, වඩා පැහැදිලිව පැවසීමට සහ තවත් අයෙකුට ඒත්තු ගැන්වීමට මේවා යොදා ගන්නා ලදි. ප්‍රස්තාව පිරුළු දහස් ගණනකින් අපේ ගැමි බස හොදින් පෝෂණය වී තිබුණි. නමුත් අද සමාජයේ මේවා භාවිතයට ගැනෙන්නේ ඉතා අල්ප වශයෙනි. බොහෝ දෙනා ප්‍රස්තාව පිරුළුත් එයින් කියවෙන අර්ථයවත් නොදන්නේය. සිංහල භාෂාවේ පවතින ප්‍රස්තාව පිරුළු සහ ඒවායේ අර්ථ මෙහි ඇතුලත් කොට ඇත. මෙහි නොමැති ඔබ දන්නා ප්‍රස්තාව පිරුළු ඇත්නම් අප සමග බෙදාගන්න.

Sunday

  • කුරුල්ලා මිටෙන් ඇරියා වගෙයි.
    තම අභිමතය පරිදි නිදහසේ කටයුතු කිරීමට ඉඩ ලැබීම.

  • අන්දරේ පොල් පැළ රැක්කා වගෙයි.
    මෝඩයකුට වැඩක් පැවරීමෙන් අලාභ සිදුවේ.

  • කිතුල් ගහට ගිය මිනිහා වගෙයි.
    කපටියාට ඕනෑම වරදක් කර නිදහසට කීමට කරුණු ඇත.

  • කුඤ්ඤය ගැළවූ වඳුරා වගෙයි.
    අනවශ්‍ය දේ කිරීමට ගොස් කරදරේ වැටීම.

  • කොටි වලිගය අල්ලා ගත්තා වගෙයි.
    පටන් ගත් දෙය ඉවර කර ගැනීමටත් අත් හැරීමටත් නොහැකි වීම.

  • අඳු කොළ කැවිලා වගේ.
    නොගැළපෙන විකාර වැඩ කිරීම.

  • කොටියාට හරක් පට්ටිය බාර දුන්නා වගෙයි.
    හොරෙකුට යමක් ආරක්ෂා කිරීමට භාරදීම.

  • ගමරාලගේ වංගෙඩිය වගෙයි.
    විවිධ වැඩ කිහිපයක් සඳහා එකම දෙය (උපකරණය) යොදා ගැනීම.

  • හිඟන්නාගේ පාත්තරේ හෙනහුරා වැහුවා වගෙයි.
    දුකට පත් අය තවත් දුකට පත්වීම.

  • වැටක් නැති වත්තට හරක් එනවා වගෙයි.
    ආරක්ෂාව නොමැති කල පාඩු සිදුවේ.

  • ආතාට අටුකොස් දුන්නා වගෙයි.
    යමෙකුට ප්‍රයෝජනයක් ගත නොහැකි දෙයක් දීම. 

1 comment:

  1. Anonymous10:04 PM

    Please give me.බීරි අලින්ට වීණා වයනවා වගේ.

    ReplyDelete