- කුඩු කෑ විත්තිය වගෙයි.
නින්දා කටයුතු ක්‍රියාවක් හෙළිවීමට බියවීම. - කළ හොඳ පස්සෙන් එනවා වගෙයි.
උදවු කළ අයගෙන් විපත් සිදුවීම. - නරියා මිදි ඇඹුල් කීවා වගෙයි.
ලබාගත නොහැකි දෙයකට ගැරහීම. - පල නොකියා පලා බෙදුවා වගෙයි.
අප්‍රසාදය කටින් නොකියා ක්‍රියාවෙන් පෙන්වීම. - ගෝනි නැතුව කරේ යන්න හදනවා වගෙයි.
දෙන ලද සහනයෙන් අයුතු ප්‍රයෝජන ගැනීමට උත්සහ කිරීම. - උණකාරයා වතුර ඉල්ලනවා වගෙයි.
යමෙක් නිතර නිතර කරදර කිරීම. - ආඳා මාළු ඉරටුවෙන් කනවා වගෙයි.
අකැමැත්තෙන් මෙන් තම කාරිය ඉටුකරගැනීම. - කකුළුවා තම පැටවුන්ට කෙළින් යන්න ඉගැන්නුවා වගෙයි.
තමා වැරදි කරමින් එසේ නොකරන ලෙස අවවාද කිරීම. - අන්ධයා කිරිවල පාට කිවුවා වගෙයි.
වැරදි ලෙස තේරුම් ගත් දෙයක් නිවැරදි යයි සිත ප්‍රකාශ කිරීම. - පිය දරුවන්ට කෝටු මිටිය කඩන්න දුන්නා වගෙයි.
සමගිව සිටිනතාක් විපතක් කිරීමට නොහැකි බව.
In this blog you can find Sinhala ''Prastha Pirulu" (sinhala proverbs) and their meaning. They are use in sinhala language to say something correctly and clearly. And say something indirectly. There are more than thousands of proverbs in sinhala language.
ප්‍රස්තාව පිරුළු
ප්‍රස්තාව පිරුළු වල ඇති විශේෂත්වය වන්නේ යම් දෙයක් ඍජුව නොකියා වක්‍රාකාරයෙන් පැවසීමට ඇති හැකියාවයි. එදා ගැමි ජනතාව යමක් නිවැරදිව, වඩා පැහැදිලිව පැවසීමට සහ තවත් අයෙකුට ඒත්තු ගැන්වීමට මේවා යොදා ගන්නා ලදි. ප්‍රස්තාව පිරුළු දහස් ගණනකින් අපේ ගැමි බස හොදින් පෝෂණය වී තිබුණි. නමුත් අද සමාජයේ මේවා භාවිතයට ගැනෙන්නේ ඉතා අල්ප වශයෙනි. බොහෝ දෙනා ප්‍රස්තාව පිරුළුත් එයින් කියවෙන අර්ථයවත් නොදන්නේය. සිංහල භාෂාවේ පවතින ප්‍රස්තාව පිරුළු සහ ඒවායේ අර්ථ මෙහි ඇතුලත් කොට ඇත. මෙහි නොමැති ඔබ දන්නා ප්‍රස්තාව පිරුළු ඇත්නම් අප සමග බෙදාගන්න.
Free Download සිංහල ජන කවි android app, click the below link.
Monday
Subscribe to:
Post Comments (Atom)
Super bro.
ReplyDelete