ප්‍රස්තාව පිරුළු

ප්‍රස්තාව පිරුළු වල ඇති විශේෂත්වය වන්නේ යම් දෙයක් ඍජුව නොකියා වක්‍රාකාරයෙන් පැවසීමට ඇති හැකියාවයි. එදා ගැමි ජනතාව යමක් නිවැරදිව, වඩා පැහැදිලිව පැවසීමට සහ තවත් අයෙකුට ඒත්තු ගැන්වීමට මේවා යොදා ගන්නා ලදි. ප්‍රස්තාව පිරුළු දහස් ගණනකින් අපේ ගැමි බස හොදින් පෝෂණය වී තිබුණි. නමුත් අද සමාජයේ මේවා භාවිතයට ගැනෙන්නේ ඉතා අල්ප වශයෙනි. බොහෝ දෙනා ප්‍රස්තාව පිරුළුත් එයින් කියවෙන අර්ථයවත් නොදන්නේය. සිංහල භාෂාවේ පවතින ප්‍රස්තාව පිරුළු සහ ඒවායේ අර්ථ මෙහි ඇතුලත් කොට ඇත. මෙහි නොමැති ඔබ දන්නා ප්‍රස්තාව පිරුළු ඇත්නම් අප සමග බෙදාගන්න.

Sunday

  • කොකා දිය හිඳෙන තුරු බලා සිටියා වගෙයි.
    යම් දෙයක් ලබා ගැනීමට දිගු කලක් බලා සිටීමට සිදුවීම.

  • ගඟෙන් වතුර බී මුහුදට ආ වඩනවා වගෙයි.
    උපකාර ලබා ගත් තැනැත්තා සිහිපත් නොකොට අන් අයව පැසසීම.

  • ගලේ කෙටූ අකුරු වගෙයි.
    මොනයම් හේතුවක් නිසා හෝ කි දෙය වෙනස් නොකිරීම.

  • කුරුල්ලන්ට වැට බැන්දා වගෙයි.
    අසාර්ථක කාර්යයක නිරතවීම.

  • කිඹුලා කිරි මැටි ගිලිනවා වගෙයි.
    රසයක් ගුණයක් ගැන නොසිතා ආහාර විශාල ප්‍රමාණයක් ගිල දැමීම.

  • තම්බිගෙ තොප්පිය වගෙයි.
    ස්ථීර ප්‍රතිපත්තියක නොපිහිටා ක්‍රියා කිරීම.

  • තැඹිලි ගෙඩියෙ වහපු කපුටා වගෙයි.
    දෙදෙනෙකු අතර බලවත් නොගැලපීමක් තිබීම.

No comments:

Post a Comment